Wednesday, July 2, 2008
Monday, June 30, 2008
ශ්‍රී ලංකාවේ දුම්රිවලටත් තොරතුරු තාක්ෂණය
පසු ගිය සති කිහිපයේ කතා බහට ගැනුනු කරුණක් වූයේ දුම්රිවලට wi-fi පහසුකම් හඳුන්වා දීමයි. මෙහි විශේෂත්වය වන්නේ දුම්රියවල wi-fi පහසු කම් ලබා දුන්නත් දැනට පවතින ආරක්ෂක හේතු මත ලැප්ටොප් පරිගණක දුම්රිවල ගෙන යාමට අවසර නොදීමයි. ඒ නිසා මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට එක්කෝ ඔබ ලැප්ටොප් එකක් හොරෙන් දුම්රිය වෙත ගෙන යා යුතුය. නැතහොත් දුම්රිය එනතුරු ලැප්ටොප් එකත් ලෑස්ති කරගෙන දුම්රිය මග ආසන්නේ බලා සිටීමයි. මෙහිදී ඔබට සුලු වේලාවකට පමණක් wi-fi හෝ internet භාවිතයට කාලය ලැබේ යැයි ඔබ සිතනවා නේද? එසේ වන්නේ නැත. මන්ද, දුම්රිය බොහොමයක් මන්දගාමී වීම, පීලිපැනීම, සිග්නල් නැතිවීම වැනි අවස්ථා ඔබට ප්‍රයෝජනයට ගත හැක.
මීට අමතරව දුම්රිය මගීන් OLPC පාවිච්චියට නැඹුරු කිරීමෙන් මහත් ප්‍රතිලාභ රැසක් පෞද්ගලික හා පොදු මට්ටමෙන් ජනතාවට ලැබේ.
OLPC හි mesh network ක්‍රමය අති සාර්ථක අතර එමගින් මහඟු සේවා රැසක් ලබා ගත හැකිය.
ඉන් එක අවස්ථාවක් පහත දැක්වේ.
chatting..
සමීර: මචං , මොන පෙට්ටියෙ ද ඉන්නේ? මං ඉන්නේ 2
ඉසුරු: 5හේ ම තමා අදත්
සමීර: මාර අපසෙට් එක.. මං ටිකක් පරක්කු උනා. මට 5ට නැග ගන්න බැරි උනා
ඉසුරු: සෙනග අඩු උනාම මේ පැත්තට සෙට් වෙන්න
සමීර: හරි. ඒක නෙමේ අර ගෑණු ලමය අදත් 5 ඉන්නව නේද?

microsoft-goes-wild
මයික්‍රොසොෆ්ට් හි ආයතන ප්‍රධානී බිල් ගේට්ස්ගේ විශ්‍රාම යාමත් සමග එම තනතුරට පත්වූයේ ඔහුගේ දුවගේ ස්වාමි පුරුෂයා ය. හෙතෙම නිදහස් සහ විවෘත මුදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වීම මුලුමහත් ලොවේම මතභේදයට තුඩු දුන් කරුණක් විය. ගූගල් සමාගමේ ව්‍යාපාර ක්‍රමවේදය අනුගමනය කරමින් ඔහුගේ අභිප්‍රාය මින් පසු මයිකොසොෆ්ට් ආයතනයේ සියලු මෘදුකාංග නිදහස් සහ විවෘත මුදුකාංග ලෙස එළි දැක්වීමට යි.
මේ අතර ඔහු සම්බන්ධ වූ ඇතැම් නිදහස් සහ විවෘත මුදුකාංග යම් සාධාරණ මුදලකට (පොඩි ගාණකට, $60, $70කට විතර) අලෙවි කිරීමට ඔහු තීරණය කර ඇත.
මේ අතර ඔහු සම්බන්ධ වූ ඇතැම් නිදහස් සහ විවෘත මුදුකාංග යම් සාධාරණ මුදලකට (පොඩි ගාණකට, $60, $70කට විතර) අලෙවි කිරීමට ඔහු තීරණය කර ඇත.
Wednesday, January 30, 2008
Casual Basic දන්නවද ?
සමීර: Casual Basic දන්නවද ?
ගයාන්: ටිකක් ටිකක් දන්නවා. හොඳටම දන්නෑ.
සමීර:මාත් ලඟදි දන්නේ. මාර ගණන්. ඒකයි වැඩේ.
ගයාන්: ඇයි හොර කොපි නැද්ද?
සමීර: හොර කොපි කියන්නේ? කලිසංවල? මං කිව්වෙ කලිසම් ගැන.
ගයාන්: ටිකක් ටිකක් දන්නවා. හොඳටම දන්නෑ.
සමීර:මාත් ලඟදි දන්නේ. මාර ගණන්. ඒකයි වැඩේ.
ගයාන්: ඇයි හොර කොපි නැද්ද?
සමීර: හොර කොපි කියන්නේ? කලිසංවල? මං කිව්වෙ කලිසම් ගැන.
ශ්‍රම දානයක්
අම්මා: පුතා මොකද කරන්නේ?
පුතා: මම මේ වැඩක්. ශ්‍රම දානයක්
අම්මා: කාමරේ ඇතුලෙ? මකුළු දැල්වත් කඩනවද ?
පුතා: හ්ම්.
අම්මා: කෝ ඔය මකුළු දැල් කඩනවයැ කොම්පියුටරෙත් එක්කනෙ..මොනවද ඔය කරන්නේ?
පුතා: මං මේ විකිපීඩියාව සුද්ද කරනවා. මේකට එක එක්කෙනා ඕන නැති බයිල දානව .

ඉස්කයිප්
ගයාන් : හලෝ මචං! ලොකු වැඩකද ඉන්නේ..
රංග : ස්ස්ස්ස්ස්ප්!
ගයාන් :කෝල් එකකද ඉන්නෙ ඔය?
රංග :හ්ම්. පොඩ්ඩක් ඉන්න. මේ සමීරයත් එක්ක කථා කරන්නේ.
ගයාන් :ඌ දැන් පිටරටද දැන්?
රංග :පොඩ්ඩක් ඉන්න කියපුහාම. නෑ ඌ තාම මෙහෙ. මගෙ credit card එකෙන් කැපෙන්නේ.
ගයාන් :පිටරට නැත්තං අහවල් එකටද Skype එකෙන් කෝල් කරන්නේ? අර අපූරුවට තියෙන phone එකෙන් කෝල් කරන්නෙ නැතුව
රංග :හැබෑටම
(ටකස්. කූක් ... කූක් ...කූක්...)

ATM
1 මහත්තයා: ඉස්සෙල්ලා මහත්තයා මේක ඇතුලට ගියා ගියාමයි තාම ආවෙ නෑනෙ. මට පරක්කුත් වෙනවා. බැංකුවෙ කාට හරි කියන්න වෙයිද?
2 මහත්තයා: ආ. මහත්තය සල්ලි ගන්නද ඉන්නේ?
1 මහත්තයා: නැතුව. ඇයි ඒ?
2 මහත්තයා: නෑ මෙකේ ෆිල්ම් බලන්න අපි ඉන්නේ. මේකෙන් බලන එක ලාබයි නෙ. එච්චර කැපෙන්නෑ නෑ කාඩ් එකෙන්. සල්ලි ගන්න ඇතුල්ට යන්න. ATM පෝලිමේ ඉඳලා හරියන්නෑ. ෆිල්ම් බලන්න ඉන්න මේ කොල්ලන්ගෙන් ගුටිත් කන්න වෙයි.

Friday, January 25, 2008
මංගල දැන්වීම්
බොදු ගොවි 25 පරිගණක ක්ෂේත්‍රයේ රුකියාවේ නියුතු සූරූපී දියණියට උගත් බුද්ධිමත් උබුන්ටු සහ ඕපන් ඔෆිස් වැනි විවෘත මෘදුකාංග දැනුම ඇති ෆයර් ෆොක්ස් භාවිතා කරන පුතෙකු මව සොයයි. දායාද සහිතයි.වැඩි විස්තර comments තුළින් විමසන්න. B025
Subscribe to:
Posts (Atom)