Monday, June 30, 2008

ශ්‍රී ලංකාවේ දුම්රිවලටත් තොරතුරු තාක්ෂණය

පසු ගිය සති කිහිපයේ කතා බහට ගැනුනු කරුණක් වූයේ දුම්රිවලට wi-fi පහසුකම් හඳුන්වා දීමයි. මෙහි විශේෂත්වය වන්නේ දුම්රියවල wi-fi පහසු කම් ලබා දුන්නත් දැනට පවතින ආරක්ෂක හේතු මත ලැප්ටොප් පරිගණක දුම්රිවල ගෙන යාමට අවසර නොදීමයි. ඒ නිසා මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට එක්කෝ ඔබ ලැප්ටොප් එකක් හොරෙන් දුම්රිය වෙත ගෙන යා යුතුය. නැතහොත් දුම්රිය එනතුරු ලැප්ටොප් එකත් ලෑස්ති කරගෙන දුම්රිය මග ආසන්නේ බලා සිටීමයි. මෙහිදී ඔබට සුලු වේලාවකට පමණක් wi-fi හෝ internet භාවිතයට කාලය ලැබේ යැයි ඔබ සිතනවා නේද? එසේ වන්නේ නැත. මන්ද, දුම්රිය බොහොමයක් මන්දගාමී වීම, පීලිපැනීම, සිග්නල් නැතිවීම වැනි අවස්ථා ඔබට ප්‍රයෝජනයට ගත හැක.

මීට අමතරව දුම්රිය මගීන් OLPC පාවිච්චියට නැඹුරු කිරීමෙන් මහත් ප්‍රතිලාභ රැසක් පෞද්ගලික හා පොදු මට්ටමෙන් ජනතාවට ලැබේ.

OLPC හි mesh network ක්‍රමය අති සාර්ථක අතර එමගින් මහඟු සේවා රැසක් ලබා ගත හැකිය.

ඉන් එක අවස්ථාවක් පහත දැක්වේ.

chatting..

සමීර: මචං , මොන පෙට්ටියෙ ද ඉන්නේ? මං ඉන්නේ 2
ඉසුරු: 5හේ ම තමා අදත්
සමීර: මාර අපසෙට් එක.. මං ටිකක් පරක්කු උනා. මට 5ට නැග ගන්න බැරි උනා
ඉසුරු: සෙනග අඩු උනාම මේ පැත්තට සෙට් වෙන්න
සමීර: හරි. ඒක නෙමේ අර ගෑණු ලමය අදත් 5 ඉන්නව නේද?

No comments: