Monday, July 23, 2007

ඉස්පෙල්චෙකර්

අම්මා : පුතා මෙහෙ එන්න සිංහල ඩික්ටේෂන් දෙන්න..
පුතා: මේ එනවා අම්මී

<ටිකකින් ....>

අම්මා: ආ.. එහෙනම් මේවා ලියන්න..

විශේෂ කියලා

පුතා: හරි අම්මී

අම්මා: ඔන්න එහෙනං මේකත් ලියන්න

"මඤ්ඤොක්කා"

පුතා:හරි අම්මී

අම්මා: ඊළඟ එක "ඡන්දය"

පුතා:හරි අම්මී

<ටික වේලාවකින් ....>
අම්මා: උඹ මාව තම්බන්න නේද හදන්නේ..!
උඹ ඉස්පෙල්චෙකර් එක දාගන මට බොරුකරනව නේද?
යසට තියෙයි මෙහෙම ගියොත්.

sms: RAILDEPT <හිස් තැනක්> කොටුව <හිස් තැනක්> නුවර

ඉතින් sms කරල බලන්නකෝ නුවරට ඊළඟ කෝච්චිය කීයටද කියල..

එළකිරි අදහස..

කෝ..



දැන් 10.05, තව විනාඩි 20යි තියෙන්නේ.. ඉක්මනට කොටුවට යමු.

කොටුව දුම්රිය ස්ථානය
වෙලාව: පෙ.ව. 10.43...

කෝ..මේ කෝච්චිය තාම නෑනේ..
ඒකනේ.. ෂුවර්ද sms එකේ නුවර කෝච්චිය 10.30ට කියලා තිබ්බෙ කියලා..

ඔව්.. ඔව්..

එතකොට මේ..අපි 'හරි' ප්ලැට්ෆෝම් එකේ ද ඉන්නේ?

ඔව්.. මේ 3න්වෙනි එක තමා.

ප්‍රශ්නෙ ඒක නෙමේ..
වෙලාවත් හරි, ප්ලැට්ෆෝම් එකත් හරි..sms එකත් හරි.. ඒ උනත් අපි ඉන්නේ ලංකාවෙ කෝච්චියක් එනකං නේ.

Friday, July 20, 2007

බ්ලොග්ස්...

මුදලාලි ඔන්ලයින්ද ?

නෝනා: අද රෑට කන්න මොනවද හදන්නේ.. පාන් කමුද ..
මහත්තයා: හ්ම්ම්...

නෝනා: අනේ ඔහොම්මම මුදලාලි ඔන්ලයින්ද කියල බලන්නකෝ..
මහත්තයා: ඔව්..ඉන්නවා..
නෝනා: පාන් තියෙනවද කියල අහන්න.. දැන් 6ටත් කිට්ටුයිනේ.. සමහරවිට ඉවරයිද දන්නෑ.
<ටික මොහොතකින්>
මහත්තයා: තියෙනවලු. මම එක හමාරක් තියල තියන්න කිව්වා.

විකිපීඩියා..

අම්මේ අද ගෙදර වැඩට "අපේ ගම" ගැන රචනයක් ටයිප් කරගෙන එන්න කීවා..

අම්මා:

අනේ පුතේ.. පොඩ්ඩක් විකිපීඩියා එකේ "නුගේගොඩ" කියල ගහල බලන්වද

joystick එකෙන් හෑම

ගොවියා:

අන්න.. වැඩියෙන් කැපුනා..
මාර වැඩේ...
නියර ඉවරයි.. වතුර ලීක් වෙයිද දන්නෑ..

මිත්‍රයා:
ඕකනේ ලාබ ජෝයි ස්ටික් ගත්තහම..
හාද්දි ටිකක් බලාගෙන හාන්න එපැයි..