Friday, January 25, 2008

මංගල දැන්වීම්

බොදු ගොවි 25 පරිගණක ක්ෂේත්‍රයේ රුකියාවේ නියුතු සූරූපී දියණිය‍‍ට උගත් බුද්ධිමත් උබුන්ටු සහ ඕපන් ඔෆිස් වැනි විවෘත මෘදුකාංග දැනුම ඇති ෆයර් ෆොක්ස් භාවිතා කරන පුතෙකු මව සොයයි. දායාද සහිතයි.වැඩි විස්තර comments තුළින් විමසන්න. B025

Monday, November 5, 2007

Sinhala Unicode Smilies (Gtalk Conversation)

me: :ා
it looks funny neda?

Ranga: cool

me: Sinhala Unicode Smilies (new concept from Sanka)

Ranga: :ා
you should write a paper on this too.

me: :ා

Ranga: :ෘ skeptic
:් cigar

me: (:ා)

Ranga: ‍ෙ: curl hair

me: (:ා)-<---<
(:ා)-8-<

Ranga: :ි one-eared

me: hey we should document these :ා

Ranga: (ී_ී)
crazy
cross-eyed
‍‍‍ෆ upside down ass

me: hmm.. (:ා)-3--<

Ranga: :ැ skeptic 2

me: after s%^ 3ෆ

Ranga: -:3ෆ‍ would be better

me: what about: ඃ-

see you then :ා

Ranga: @ඳ the modernized woman.

Ranga: ^ෆ^‍ devil‍

Ranga: ^ඝ^ pig face

me: ^ඏ^ මොකද්ද ?

Ranga: frog face

Monday, July 23, 2007

ඉස්පෙල්චෙකර්

අම්මා : පුතා මෙහෙ එන්න සිංහල ඩික්ටේෂන් දෙන්න..
පුතා: මේ එනවා අම්මී

<ටිකකින් ....>

අම්මා: ආ.. එහෙනම් මේවා ලියන්න..

විශේෂ කියලා

පුතා: හරි අම්මී

අම්මා: ඔන්න එහෙනං මේකත් ලියන්න

"මඤ්ඤොක්කා"

පුතා:හරි අම්මී

අම්මා: ඊළඟ එක "ඡන්දය"

පුතා:හරි අම්මී

<ටික වේලාවකින් ....>
අම්මා: උඹ මාව තම්බන්න නේද හදන්නේ..!
උඹ ඉස්පෙල්චෙකර් එක දාගන මට බොරුකරනව නේද?
යසට තියෙයි මෙහෙම ගියොත්.

sms: RAILDEPT <හිස් තැනක්> කොටුව <හිස් තැනක්> නුවර

ඉතින් sms කරල බලන්නකෝ නුවරට ඊළඟ කෝච්චිය කීයටද කියල..

එළකිරි අදහස..

කෝ..



දැන් 10.05, තව විනාඩි 20යි තියෙන්නේ.. ඉක්මනට කොටුවට යමු.

කොටුව දුම්රිය ස්ථානය
වෙලාව: පෙ.ව. 10.43...

කෝ..මේ කෝච්චිය තාම නෑනේ..
ඒකනේ.. ෂුවර්ද sms එකේ නුවර කෝච්චිය 10.30ට කියලා තිබ්බෙ කියලා..

ඔව්.. ඔව්..

එතකොට මේ..අපි 'හරි' ප්ලැට්ෆෝම් එකේ ද ඉන්නේ?

ඔව්.. මේ 3න්වෙනි එක තමා.

ප්‍රශ්නෙ ඒක නෙමේ..
වෙලාවත් හරි, ප්ලැට්ෆෝම් එකත් හරි..sms එකත් හරි.. ඒ උනත් අපි ඉන්නේ ලංකාවෙ කෝච්චියක් එනකං නේ.

Friday, July 20, 2007

බ්ලොග්ස්...

මුදලාලි ඔන්ලයින්ද ?

නෝනා: අද රෑට කන්න මොනවද හදන්නේ.. පාන් කමුද ..
මහත්තයා: හ්ම්ම්...

නෝනා: අනේ ඔහොම්මම මුදලාලි ඔන්ලයින්ද කියල බලන්නකෝ..
මහත්තයා: ඔව්..ඉන්නවා..
නෝනා: පාන් තියෙනවද කියල අහන්න.. දැන් 6ටත් කිට්ටුයිනේ.. සමහරවිට ඉවරයිද දන්නෑ.
<ටික මොහොතකින්>
මහත්තයා: තියෙනවලු. මම එක හමාරක් තියල තියන්න කිව්වා.

විකිපීඩියා..

අම්මේ අද ගෙදර වැඩට "අපේ ගම" ගැන රචනයක් ටයිප් කරගෙන එන්න කීවා..

අම්මා:

අනේ පුතේ.. පොඩ්ඩක් විකිපීඩියා එකේ "නුගේගොඩ" කියල ගහල බලන්වද